සෙරීනා; අර්ධ අවසන් පූර්ව වටයට

සැප් 08, 2020

    අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත්වූවාය.

    ඒ, තෙවැනි වටයේදී ග්‍රීසියේ මාරියා සැක්කාරි ක්‍රීඩිකාව පරාජය කරමින්. තරගය ආරම්භ යේ සිටම අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පෙරමුණ ගෙන සිටියාය.  ඇය පළමු වටය ජය ගත්තේ ලකුණු 6-3ක් ලෙස.  නමුත් දෙවන වටය සෙරීනා ලකුණු 7-6ක් ලෙස පරාජයට පත්වූවාය. තීරණාත්මක තුන්වන වටය සෙරීනා විලියම්ස් ජය ගත්තේ ලකුණු 6-3ක් ලෙස.  ඒ අනුව තරගයෙන් ඇය වට 2-1ක් ලෙස ජය වාර්තා කළාය. 

    තරගය ජයගත් සෙරීනා විලියම්ස් මේ වනවිට අවස්ථා 6කදී අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගෙන තිබේ.  ඇය ජයගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි සංඛ්‍යාව 24ක්. 

    Latest News