පළමු 20-20 ජය එංගලන්තයට

සැප් 06, 2020

    ඔස්ට්‍රේලියාව සමඟ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත්විය.

    තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කළේය. ඩේවිඩ් මාලන් ලකුණු 66ක් ලබාගත් අතර, ජෝෂ් බට්ලර් ලකුණු 44යි.

    පන්දු යැවීමේදී ඈෂ්ටන් අගර්, කේන් රිචර්ඩ්සන් සහ ග්ලේන් මැක්ස්වෙල් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ, ලකුණු 160ක් පමණි. ඩේවිඩ් වෝනර් ලකුණු 58ක් සහ ඒරොන් ෆින්ච් ලකුණු 46ක් ලබාගත්තේය. එංගලන්තය තරගය ජයගත්තේ ලකුණු 2කින්.

    Latest News