එංගලන්ත-පකිස්තාන 20-20 ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරයි

සැප් 02, 2020

    එංගලන්ත-පකිස්තාන 20-20 ක්‍රිකට් තරගාවලිය ජය පරාජයකින් තොරව නිමා විය.

    දෙරට අතර, තෙවන සහ අවසන් 20-20 තරගය පැවැත්වුණේ එංගලන්තයේ මැංචස්ටර්හිදී. අවසන් තරගයේ මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ, කඩුලු 4ක්දැවී ලකුණු 190ක් රැස් කළේය. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 86යි. පන්දු යැවීමේදී ක්‍රිස් ජොඩින් කඩුලු 2ක් බිඳ හෙලීය.

    ලකුණු 191ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ, ලකුණු 185ක් පමණයි. මොයින් අලි ලකුණු 61යි. පකිස්තාන පිලේ ශහීන් අෆ්රිඩි සහ වහබ් රියාස් කඩුලු 2 බැගින් දවා ගත්තේය. ඒ අනුව තරගය ලකුණු 05කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.

    Latest News