පළමු පෙළ තරගාවලියකදී චන්දිමාල්ගෙන් වාර්තාවක්

අගෝ 26, 2020

    ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියකදී පිතිකරුවෙකු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනිමට දිනේෂ් චන්දිමාල් අද සමත්විය.

    ඒ අන්තර් සමාජ ප්‍රිමියලීග් තරගාවලියේදී. යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කළේ, සැරසන්ස් කණ්ඩායමට එරෙහිවයි.

    චන්දිමාල් පන්දු 391කදී රැස් කරගත් ලකුණු 354ට හතරේ පහර 33ක් සහ හයේ පහර 09ක් ඇතුලත්. මීට පෙර දේශීය තරගපිටියේ වැඩිම ලකුණුලාභියා වූයේ කිත්රුවන් විතානගේ. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 351ක්.

    Latest News