තරඟකාරී ලැයිස්තුව අතරට පැමිණි ජිමී ඇන්ඩර්සන්

අගෝ 24, 2020

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 ක් බිද හෙළු පන්දු යවන්නන්ගේ ලැයිස්තුව ආසන්නයට පැමිණ තිබේ.

    ඒ, පකිස්තානය සමග මේ වනවිට පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගයේ පකිස්තාන පළමු ඉනිමේදී කඩුළු 5 ක් දවා ගනිමින්. ඒ අනුව ජිමී ඇන්ඩර්සන් මේ දක්වා බිද හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 598 ක්. ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ දක්වා කඩුළු 600 ක් බිද හෙළා ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙක් පමණයි.

    වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් බිද හෙළු පන්දු යවන්නන් අතර කඩුළු 800ක් සමග මුත්තයි මුරලිදරන් පළමු ස්ථානයේත් ෂේන් වෝන් සහ අනිල් කුම්ලේ දෙවන සහ 3 වන ස්ථානවලත් පසු වෙයි.

    Latest News