දෝනි ක්‍රිකට් දිවියට සමුදෙයි

අගෝ 16, 2020

    ඉන්දියාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ සාර්ථක නායකයෙකු යැයි සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.

    39 හැවිරිදි දෝනි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීමේ තීරණය ප්‍රකාශයට පත් කළේ, ඉන්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්. 2007 වසරේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත්විය. අනතුරුව 2011 දී පන්දු වාර 50 ලෝක කුසලානයේ ජයග්‍රහණය ද හිමිකර ගනු ලැබීය. 2013 වසරේදී ශූරයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවේ ද මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන්. දෝනි 20-20 තරග 98කදී ලකුණු 1,617ක් සහ එක් දින තරග 350කදී ලකුණු 10,773ක් රැස්කර ගැනීමට සමත්විය.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 17:51

    Latest News