පරාජය හමුවේ සිට ගෞරවාන්විතව අවසන් කළ තරගයක්

දෙසැ 19, 2018

    අද උදෑසන ඇද හැලුන වර්ෂාවත් සමඟ ශ්‍රි ලංකා සහ නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයේ පස්වන දිනයේ ප්‍රථම කාලයට පමණක් සිමාවීම නිසාවෙන් එය ජය පරාජයෙනන තොරව තරගය අවස‍න් කෙරිණ.

    මේ වන විට ශ්‍රි ලංකා දෙවන ඉනීම සඳහා පන්දුවට පහර දෙමින් සිටි අතර කඩුල්ලේ රැදි සිටියේ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වේ.

    මෙම තරගයේදි ශ්‍රි ලංකාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 282 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් නවසීලන්තය ලකුණු 578 ලබා ගත්තේය.

    නැවත් ලකුණු 296 පසු පසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රි ලංකාවේ ප්‍රථම කඩුලු 03 ලකුණු 13 ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වුයේය. මෙම කඩුලු 03 දැවි යාමෙන් පසු දැඩි පීඩනයකට හසුවු ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන තුරුම පිටියේ රැදි සිටිමට සමත් වුයේය.

    වේගපන්දු යවන්නන්ට උචිත තණ තිරුවක නව සීලන්ත පන්දු යවන්නන්ට මුහුණ දිමේ අසිරුතාවන් පැවතිය ද එයින් කිසිදු ගැටලුකාරිතත්වයක් ඔවුන්ට ඇති නොවිණ.

    ඒ අනුව තරගය අවසන් වනතුරු කඩුල්ලේ රැඳි කුසල් මෙන්ඩිස් ලකුණු 140 රැස් කලේය. ඇන්ජලෝ මැතිව්ස් ඊට අනගි සහයක් පිරිනමමින් නොදැවි ලකුණු 120 ක් ලබා ගත්තේය. මෙය ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් තරගය ජිවිතයේ 8 වැනි ශතකය වු අතර කුසල් මෙන්ඩිස්ගේ හයවන ශතකය ලෙස වාර්ත අතරට පිවිසියේය. වාර්ෂාවෙන් පැමිණි බදාව නිසාවෙන් තරගය අවසන් වන විට ශ්‍රි ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 03ක් දැවි ලකුණු 287ක් ලබා සිටියේය.

    ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ලබන 26 වැනිදා ක්‍රියිස්ට්වර්ච්වලදී ආරම්භවිමට නියමිතයි.

    i.jpg kasal drive

    i

    i.jpg sl nz

    Latest News