මූලික වටයේ තරගය ජය පරාජයෙන් තොරයි

දෙසැ 22, 2018

    අන්තර් සමාජ රග්බි තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙයි.

    තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී ඊයේ (21) පැවැත්විණ. පළමු අර්ධය නිමා වනවිට යුද හමුදා කණ්ඩායම පෙරමුණ ගනිමින් ලකුණු පුවරුව 12-14ක් ලෙස සටහන් විය. දෙවැනි අර්ධයේ දී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළහ.

    ඒ අනුව, තරගය අවසන් වනවිට ලකුණු පුවරුව දැක්වුණේ 24-24 ලෙසයි. සී.ආර්.ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම උත්සාහක ගෝල 4ක් හා ප්‍රවර්ථන ගෝල 2ක් සාර්ථක කරගැනීමට සමත් වූහ. යුද හමුදා පිල උත්සාහක ගෝල තුනක්, දඬුවම් පහරක් සහ ප්‍රවර්ථන ගෝල තුනක් ලබාගත්හ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News