කුසල් සහ මැතිව්ස්ගෙන් නවසිලන්තයට පිළිතුරක්

දෙසැ 18, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 259ක් රැස්කරගෙන සිටී. 

    අද තරගයේ සිව්වැනි දිනයයි.

    ඊයේ (12/17) පස්වරුවේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකාව ලකුණු 20කට කඩුලු 3ක් දැවී තිබිණ. ඉන් අනතුරුව, පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සාර්ථකව නවසීලන්ත පන්දු යවන්නන් පාලනය කිරීමට අද දිනයේ දී සමත් වුයේය.

    ඒ අනූව, කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 116ක් රැස් කිරීමට සමත්ව සිටින අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හයවැනි ශතකය වේ. ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ දී නොදැවී ලකුණු 117ක් රැස්කරගෙන සිටින අතර එය ඔහුගේ 8 වැනි ටෙස්ට් ශතකය ද වේ.

    අද දිනයේ දී ශ්‍රි ලංකා කණ්ඩායමේ කිසිඳු කඩුල්ලක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට නොහැකි  වුයේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී ලකුණු 282ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 578ක් රැස් කළේය. ඒ අනූව, නවසීලන්තය ප්‍රථම ඉනිමෙන් ලබා ගත් ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 37ක් පසු පසින් ශ්‍රී ලංකා කණ්ඩායම පසු වන්නේ කඩුලු 7ක් අතැතිවයි. හෙට තරගයේ අවසන් දිනයයි.

     

     

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 12:40

    Latest News