අකිලගේ පන්දු ඉරියව් නිවැරදි කිරීමට පුහුණුවක්

දෙසැ 12, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක, අකිල ධනංජයයේ පන්දු යැවීමේ ඉරියව්ව, නිවැරදි කිරීමේ පුහුණු කිරීම් හෙට සිට ආරම්භ කෙරේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ නිවැරදි විය යුතු ස්ථාන මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි. අකිල ධනංජයගේ පන්දුව එල්ල කිරීමේ කෝණය, දැනට පවතින ක්‍රිකට් නීති යටතේ, අංශක 15 ආනතිය ඉක්මවා යන බවට ප්‍රකාශ කරමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට තරග තහනමක් පනවා තිබේ.

    අකිලට, නැවතත් ජාත්‍යන්තර තරග සඳහා එක්වීමට නම්, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගනිමින් යළි පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුය. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ප්‍රකාශ කෙරුණේ, එංගලන්තය සමඟ ගාල්ලේ දී පසුගියදා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

    Latest News