ගෙවී ගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ් - 19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත්, සෙනසුරාදා ප්‍රකාශයට පත්කර තිබේ.

නිසි අවධානය යොමු නොකළහොත් කොරෝනා වසංගතය, අවදානමෙනුත් අවදානමට ගමන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන්ම ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසයට හා එක්සත් ජාතීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාව තවමත් උදාවී නැතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිනය ගෙවීගිය ඉදිරා දිනය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (08) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක ලෝක වෙළෙ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොබටෝ අසවේදු සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

රෝනකොරෝනා වෛරසය ලෝකයෙන් කිසි දින සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

අප්‍රිකානු කලාපයේ වසරක් තුළ කොරෝනා වෛරස් ආසාදනයෙන් 190,000ක පිරිසක් මිය යාමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

කෙරෝනා පැතිරෙන රටවල වෙනත් රෝග හා සෞඛ්‍ය ආබාධ වැඩිවීමේ තර්ජනයක් පවතින බව ලෝක සෞඛ්‍ය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබාදෙන ආධාර මුදල් යළි කිසිදු විටෙක ලබා නොදෙන බව, අමෙරිකාව පවසයි.

Latest News