වසර 54කට පසු රත්මලාන ගුවන් තොටුපළේ සිට අන්තර්ජාතික ගුවන් ගමන් අද (27) යළි ආරම්භ කෙරුණා.

ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් (ground handling) ඊයේ ආරම්භ කෙරිණ. 

රත්මලාන ගුවන්‌ තොටුපොළ, විනෝදාස්වාද ගුවන්‌ ඟමන්‌ සඳහා වූ ස්ථානයක්‌ ලෙස ප්‍රවර්ධනය කෙරෙනවා.

රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කෙරේ. ඊට අඳාලව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News