රත්මලාන ගුවන්‌ තොට විනෝදාස්වාද ගමන්‌ සඳහා ප්‍රවර්ධනය කෙරේ

අප්‍රේ 13, 2021

    රත්මලාන ගුවන්‌ තොටුපොළ, විනෝදාස්වාද ගුවන්‌ ඟමන්‌ සඳහා වූ ස්ථානයක්‌ ලෙස ප්‍රවර්ධනය කෙරෙනවා.

    ඒ, සිවිල් ගුවන්‌ ගමන්‌ කේන්ද්‍රස්ථානයක්‌ ලෙස‌ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ යි.

    ඒ අනුව, සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන්‌ කිරීමේ නව දේශීය ගුවන්‌ මාර්ග සහ නව ධාවන පථ හඳුනා ගැනෙනු ඇති. හඳුනාගැනෙන ස්ථානවලට පියාසර කිථටමේදී ඇති බාධා ලිහිල්‌ කිරීමට නියමිතයි. විනෝදාස්වාද අංග, විවාහ උත්සව, ඡායාරූප සඳහා වූ අවස්ථා, ගුවන්‌ ගමන්‌ ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාළ ගුවන්‌ උපයෝගී කර ගනිමන්‌ සිදු කෙරෙන ඡායාරූපකරණයට අදාළව රත්මලාන ගුවන්තොටුපළ ප්‍රවර්ධනයට කිරීමට ද නියමිතයි.

    Latest News