පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පිළිබඳ විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 31 වනදා සිදු කරන බව නිවේදනය කළා.

මරණීය දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා විභාග සඳහා අභියාචනාධිකරණය දින නියම කළා.

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම සඳහා දින නියම කෙරේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ මහතා අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.

මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.

Latest News