අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

P Q R S T U V W කලාප සඳහා

  • දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 50 යි



A B C D E F G H I J K L කලාප සඳහා

  • දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20 යි
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි



එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්.

001.jpg002.jpg

 

අද (23) දිනයේදී ද ප්‍රදේශ රැසකට පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

අද (18) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

අද (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

අද දිනයේත් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ අනූව පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක කාලයක් විදුළි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

අද (12) දිනයේ ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද (10) දිනයේ ද කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය කප්පාදු කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද (09) සිට අඩු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

අද දිනයේ ද “E” සහ “F” යන කාණ්ඩවලට පැය හත හමාරක් සහ සෙසු කලාප අටට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

අද (07) උදෑසන 8.00 සිට රාත්‍රි 11.00 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Latest News