අද විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ මෙහෙමයි

මාර් 08, 2022

    අද දිනයේ ද “E” සහ “F” යන කාණ්ඩවලට පැය හත හමාරක් සහ සෙසු කලාප අටට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඒ අනුව, “E” සහ “F” යන කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරනු ඇති.

    සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

    ජල විදුලි උත්පාදනය අවම වීම සහ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීමෙන්, මෙම දෛනික විදුලි කප්පාදුවට හේතුවයි.

    Latest News