අදත් පැය 05ක විදුලි කප්පාදුවක්

මාර් 23, 2022

    අද (23) දිනයේදී ද ප්‍රදේශ රැසකට පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

    P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා අද (23) පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදු කිරීමට නියමිතව ඇත.

    ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

    Latest News