පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප ජංගම දුරකතනවල ළඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාතල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරාගේ නිවසේ සිටි පාකිස්තානු ජාතිකයෙක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(10) ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු, වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත.

මාකඳුරේ මධූෂ් සමඟ පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන් රූයන් භාවිතා කරන ලද බව කියන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන ඇත.

එම මෝටර් රථය තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 5.75 (මිලිග්‍රෑම් 5750) ක් ද හමුවී ඇත.

අදාල මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිහේවා ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

එම රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Latest News