සත්භාවයේ ප්‍රකාශය මුදල වැඩ කරන මාධ්‍යවේදින් විකෘති කළා.... මමත් දරුවන් සිටින පියෙක්

මැයි 04, 2019

    සිසු සිසුවියන් පාසැල් යාවා මියගියහොත් සුරක්‍ෂා රක්‍ෂණයෙන් රුපියල් ලක්‍ෂයක් දෙන පණිවුඩය දෙදරු පියෙකු වශයෙන් පැවසූයේ එවැන්නක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා පවසයි.

    තමන් කළ ප‍්‍රකාශය සමාජ මාධ්‍ය ජාලාවල මුදලට සේවය කරන්නන් විකෘති කරමින් ප්‍රවෘත්ති මවන බව කුලියාපිටියේ පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

    ඉකුත් පිපිරීම්වලදී මිය ගිය හා තුවාල ලබා හෝ විවිධ ගැටලූවලට මුහුණපා ඇති දරුවන් වෙනුවෙන් රක්‍ෂණ වන්ධි ලබාදීමට පියවරගන්නා බව පාසැල් ආරම්භය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව නිම කළ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසු සුරක්‍ෂා රක්‍ෂණය ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් පැවසුවේ යැයි අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුනි. සත්භාවයෙන් කළ ප‍්‍රකාශය විකෘති කොට 6 වැනිදා පාසැල් ආරම්භය සමග පාසැල් යන සිසුන් අනතුරකට ලක්වුවහොත් වන්ධි ලබාදෙන බවට තමන් කළායැයි කියන ප‍්‍රකාශය ඇතැම් කණ්ඩායම් වලින් වේතන ලබන වෙබ් හසුරවන්නන් කළ විකෘති කිරීමක් බව ඔහු පෙන්වාදුනී.

    ශරියා විශ්ව විද්‍යාල, මද්රසා පාසැල් නියාමනය කිරීම සිදුකරන ආකාරය අමාත්‍යවරයා විසින් මාධ්‍යට හෙළිකළේය. පසුගිය ආණ්ඩු සමයේ පටන් එවැනි විශ්වවිද්‍යාල, මද්රසා පාසැල් ආදිය මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වු බව ඔහු කියා සිටියේය. කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර නියාමනයක් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    6 වැනිදා පාලම් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් පැතිරෙන කථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදි ඇමතිවරයාගෙන් විමසා සිටියේය. පොලිසියට ලැබෙන තොරතුරු සත්‍ය හෝ අසත්‍යම ද යන්න පැවසිය නොහැකි නමුත් දක්‍ෂතම බුද්ධි අංශයක් සහිත ආරක්‍ෂක අංශ එන සෑම තොරතුරක් සම්බන්ධවම විවිධ අංශ යොදාගෙන පරීක්‍ෂණ සිදුකරනු ලබන බවත් එවැනි විමර්ශන ප‍්‍රතිපල අනුව පාසැල් ආරම්භ කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ආරක්‍ෂක මණ්ඩලය උපදෙස් අනුව ලබන සඳුදා 6 වැනිදා පාසැල් ආරම්භ කිරීම කිසිදු වෙනසක් නොමැති බවත් ඊට නිසි ආරක්‍ෂක ක‍්‍රියාමාර්ග ගැනීමට විවිධ අංශ දැනුම්වත්කර ඇති බව ඔහු කියා සිටියේය.

    Latest News