කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් මගීන් හැර ඔවුන් සමග ගමන් ගන්නා අමුත්තන් ඇතුළුකර නොගැනීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් වීසා නිකුත් කිරීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙනතුරු මෙම තීරණය වලංගු බවයි ඇය පෙන්වා දෙන්නේ.

චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

Latest News