අද සිට ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම මගීන්ට පමණයි

ජන 28, 2020

    කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් මගීන් හැර ඔවුන් සමග ගමන් ගන්නා අමුත්තන් ඇතුළුකර නොගැනීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

    එහි සභාපතිවරයාගේ දැනුම් දීම මත අද පෙරවරු 6.00 සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි, නිවේදනය කොට ඇත්තේ. මේ අනූව, පිටත්වන මගීන් සමග ගමන් ගන්නා අමුත්තන් සහ පැමිණෙන මගීන් පිළිගැනීමට පැමිණෙන අමුත්තන්ට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 11:21

    Latest News