චීන ජාතිකයින්ට ගුවන්තොටුපොළින් වීසා නිකුත් කිරීම නතර කෙරේ (වීඩියෝ)

ජන 28, 2020
  • චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් වීසා නිකුත් කිරීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙනතුරු මෙම තීරණය වලංගු බවයි ඇය පෙන්වා දෙන්නේ.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහි දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    නිරික්ෂණ චාරිකාවන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය...

     ලංකාවට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඔවුන්ගේ ශරීරයේ තිබෙන උෂ්ණත්වය අනුව කොරෝනා වෛරසය වැළැදී ඇත්ද යන්න සොයාබැලිම සදහා වන නවීන උපකරණ  මේ වන විට මුළු ගුවන් තොටුපලේම ස්ථාන ගත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල අධිකාරියට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ අනුව අපි ආසාධිතයින් හදුනාගෙන අපි යොදවා ඇති ගිලන් රථ මගින් අදාල රෝහල්වෙත සහ අයි.ඩි.එච් උණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් පසුව මෙම රෝගීන් වෙනම රඳවා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ගුවන් මගීන් එලෙස නවීන උපකරණ ඔස්සේ පරීක්ෂාවකට ලක්වනවාට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩල ද යොදවා තිබෙනවා.

    විශේෂයෙන් චීනයෙන් පැමිණෙන ගුවන් මගීන් සදහා වෙනමම ස්ථානයක් වෙන් කරලා තිබෙනවා. ඔවුන් සාමාන්‍ය මගීන් සමග නොවෙයි ගුවන් තොටුපලට ඇතුලු වන්නේ. ඒ සදහා වෙනම දොරටු සහ මාර්ග සකස් කර තිබෙනවා . මෙහිදී තනි තනි පුද්ගලයාව පරීක්ෂාවට ලක් කරමින්වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කරමින් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදාවා ගනිමින් එම කටයුතු ද සිදු කරනවා. වෛද්‍ය සංගමයත් මේ අවස්ථාවේදී අපට වෛද්‍යවරු සපයා දීමට එකගතාවය පළ කර තිබෙනවා.  එම නිසා ලංකාවට පැමිණෙන අයගේ යම්කිසි උණ තත්ත්වයක්උෂ්ණත්වයක් තිබෙනවා නම් ගුවන් තොටුපලේදීම හදුනා ගැනීමටත් එයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩලත්අවශ්‍ය පරීක්ෂණ කටයුතුත් ගුවන්තොටුපලේ සකස් කර තිබෙන බව දැනුම් දෙන්න ඕනි. කොරෝනා වෛරසය පැතිරිම පාලනය සදහා ගත හැකි සෑම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන්තොටුපල බාර ඒ අමාත්‍යාංශය යන දෙකම එකතු වෙලා අවශ්‍ය පියවර මේ වන විටත් අරගෙන තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට මා සෑහිමකට පත් වනවා ගුවන් තොටුපලින් පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම පුර්ණ පරික්ෂාවකට ලක්වෙමින් ඔවුන්ව හදුනාගැනීමට යොදා ඇති තත්ත්වයන් සම්බන්ධයෙන්.

    චීන ජාතිකයින් ලංකාවට පැමිණියාට පසු ඔවුන්ට වීසා ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ. මේ තත්ත්වය පිළිබද අද ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කළා. එහිදි ආගමන විගමන පාලකතුමා අප සමග සාකච්ඡා කළා. ඒ අනුව ජනාධිපතිතුමාට මා නැවැත කථා කර උපදෙස් ලබාගත්තා. ඒ අනුව මෙතනනින් එහාට ලංකාවට චීන ජාතිකයින් පැමිණීමේ දී ලංකාවට ආවට පසු ගුවන්කොටුපලේ දී වීසා ලබාදීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් චීනයෙේ දී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතුයි. ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රය ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ ආදාළ කාරණ නිරීක්ෂණය කර තමයි ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ. යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය,ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 11:29

    Latest News