ඊශ්‍රායලය අමෙරිකාවෙන් F-35 වර්ගයේ ගුවන්යානා මිලදීගැනීමට සූදානම් වනවා.

මැදපෙරදිග කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් 84% ක ඡන්ද ගණන් කිරීමත් සමඟ එරට හිටපු නායක බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ දක්ෂිණාංශික කණ්ඩායම ආසන 120 න් 65 ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන්, සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා. එය, මේ වනවිට ක්‍රියාත්මක වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඊශ්‍රායලය නවතම යුද ටැංකි නාශක මිසයිලයක් අත්හදා බලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ.

ගෝලාන් කඳුකර ප්‍රදේශයේ අත්පත් කරගත් ප්‍ර‍දේශවල ජනාවාස පිහිටුවීම දෙගුණ කරන බව ඊශ්‍රායලය පවසයි. අගමැති නෆ්ටාලි බෙනට් සඳහන් කරන්නේ අමෙරිකාවෙන් ලැබුණු පිළිගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

ඊශ්‍රායලය,ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනූව, ඉකුත් මැයි 21 වැනිදා ඇති කර ගත් සටන් විරාම ගිවිසුම මේ වන විට බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය. දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ නෆ්ටාලි බෙනට් ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

Latest News