ඊශ්‍රායලය මිනිස් සංහාරයකට අත වනයිද?

පෙබ 15, 2024
    ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ රෆා නගරය වෙත සැලසුම් කර ඇති යුද මෙහෙයුම ක්‍රියාත්මක කළහොත්, එය මිනිස් සංහාරයකට අත වැනීමක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
    එම සංවිධානයේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ පලස්තීනුවන් මේ වන විටත්, ම්ලේච්ඡ සහ අසමසම ප්‍රහාරයකට ලක්ව සිටින බවයි.
    රෆා නුවර ආක්‍රමණය, ව්‍යසනකාරී වනු ඇති බව, ඔහු අවධාරණය කරනවා. පලස්තීනුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාසය කරන රෆා නගරයේ සැඟවී සිටින බව පැවසෙන "හමාස්" තුවක්කුකරුවන් පරාජය කරන බවට, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබෙනවා.
    මේ අතර හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සොල්දාදුවෙකු මිය යාමෙන් පසු ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින් සිටින ඉලක්ක වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ප්‍රහාරයෙන් හිස්බුල්ලා සටන්කාමීන් දෙදෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වනවා.

    Latest News