යුදෙව්වෝ ප්‍රතිචාර දක්වන වෙලාව ?

අප්‍රේ 15, 2024

    ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයකට අවතීරණ වුවහොත්, අමෙරිකාව ඊට සහභාගි නොවන බව ධවල මන්දිරය පවසනවා.

    ඉරානය විසින් ඊශ්‍රායලයට පසුගියදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 300 කට වැඩි ප්‍රමාණයක් එල්ල කිරීමෙන් අනතුරුවයි අමෙරිකාව මේ බව කියා සිටියේ.

    ඉරානය විසින් එල්ල කරනු ලැබූ සියලුම ප්‍රහාරයන් පාහේ ව්‍යර්ත කිරීමට අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිවලට හැකියාව ලැබුණා.

    එල්ල කළ ප්‍රහාරවලින් සියයට 99 ක් පමණ ව්‍යර්ථ කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. එල්ලවූ ඩ්‍රොන 80 ක් සහ බැලස්ටික් මිසයිල 6 ක් අමෙරිකාව විසින් බිම හෙලා තිබෙනවා.

    එහෙත්, ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලැබූ බවයි ඊශ්‍රායලය පැවසුවේ.‍ විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී ඉතා ප්‍රවේෂමෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි බවයි අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ. 

    ඉරාන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා සැලකිල්ලෙන් සහ මූලෝපායික වශයෙන් සිතා බලා කටයුතු කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි ධවල මන්දිර ප්‍රකාශකයා සදහන් කළේ. 

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායලය කියා සිටියේ, නිසි වේලාව එළඹූ වහාම ඉරානයට ප්‍රතිචාර දක්වන බවයි. 

    Latest News