ර‍ෆා ජීවිත දඩයම

පෙබ 13, 2024
    ඊශ්රායල ප්රහාරවලින් ගාසා තීරයේ රෆා නගර වැසියන් දැඩි ජීවිත තර්ජන වලට මුහුණ දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    ඊශ්රායලය ගාසා තීරයේ උතුරු දිග ප්රදේශ වලට එල්ල කල ප්රහාර වලින් බේරීම සඳහා රෆා නගරයට පලා ගිය පලස්තීනුවන් ලක්ෂ 14 කට වැඩි පිරිසක් එහි රැඳී සිටිනවා.

    ගාසා තීරයේ සිරකරුවන් දෙදෙනෙකු ඊයේ බේරා ගත් බව ඊශ්රායලය ප්රකාශ කරනවා. නමුත් එම මෙහෙයුමේදී රෆා ප්රදේශයට එල්ල වූ ඊශ්රායල ගුවන් ප්රහාරවලින් පලස්තීනුවන් 67 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
     
    ගුවන් ප්රහාරවලින් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ. ගාසා හි මිලියන 2.3 ජනගහනයෙන් අඩකට වඩා දැන් ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා නගරයට පැමිණි සිටිනවා.
     
    ඔක්තෝම්බර් මාසයේ ඊශ්රායලය සහ හමාස් අතර යුද්ධය ආරම්භ වීමට පෙර රෆා නගරයේ වාසය කළේ පුද්ගලයින් 250,000 පමණි.
     
    අවතැන් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙකු ආරක්ෂිත පානීය ජලය හෝ ආහාර සඳහා හිඟ ප්රවේශයක් සහිත තාවකාලික නවාතැන් හෝ කූඩාරම් වල ජීවත් වන බවයි බලධාරීන් පවසන්නේ.

    Latest News