ත්‍රස්තවාදීන් විශාල පිරිසක් අත්අඩංගුවට

පෙබ 16, 2024
    ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ ප්‍රධාන රෝහලක සිදු කළ වැටලීමකින් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    හමුදා මෙහෙයුම හේතුවෙන්, වැටලීම සිදු කෙරුණු නසාර් රෝහලේ කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට ඉන් පළා යාමටද සිදුවූ බවයි වාර්තා වන්නේ.
    ඛාන් යුනිස්හි නාසර් රෝහලේ නිශ්චිත හා සීමිත මෙහෙයුමක්” ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය හමුදා ප්‍රකාශකවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම රෝහල තුළ ඔක්තෝබර් 7 වැනි දින සිට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි බවට විශ්වසනීය බුද්ධි තොරතුරු ලැබී තිබූ බවයි.
    රෝහලෙන් අත්අඩංගුවට ගත් සහ භාර වූ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම රෝහල් පරිශ්‍රය තුළ මීට පෙරද ප්‍රාණ ඇපකරුවන් සිටි බවට තහවුරු වන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
    ප්‍රාණ ඇපකරුවෙකු ගාසා තීරයට රැගෙන ගිය හමාස් ගිලන් රථ රියදුරෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. හමාස් සංවිධානය තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
    රෝහලේ වැටලීමට සම්බන්ධ ඊශ්‍රායල විශේෂ බලකායට පැහැර ගැනීමට ලක්ව තිබූ එරට පුද්ගලයන් පිළිබඳ කිසිදු සාක්ෂියක් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
    නාසර් රෝහලේ අධ්‍යක්ෂවරයා විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ වැටලීමත් සමග රෝහල් ඇතුළත තත්ත්වය ව්‍යසනකාරී සහ භයානක වූ බවයි. රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඉතා බියට පත්ව රෝහලෙන් පලා යන අයුරු දැක්වෙන දර්ශන මාධ්‍යට නිකුත් කර තිබෙනවා.
    හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඊශ්‍රායල වැටලීම හේතුවෙන් රෝහලට දැඩි අලාබ හානි සිදුව ඇති බවයි.

    Latest News