චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) දී (29) විවෘත කෙරිණ.

මේ මාසයේ ගෙවීගිය දින විසිහතරක (24) කාලය තුළ ඩෙංගු රෝගීන් දස දහස් විසිපහක් (10025) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) වන දින පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදු කෙරේ.

බණ්ඩාරවෙල,බල්ලකෙටුව මධ්‍යම බෙහෙත් ශාලාව නවීකරණය කරමින් ඉදිකෙරුණු නේවාසික රෝහල ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.

රටේ ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර දේශපාලනඥයින්ගේ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඡන්ද බලය භාවිත කරනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා පල කරයි.

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නාවලපිටිය මුලික රෝහලේ රජයේ ඖෂධවේදීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළබිම හේතුවෙන් රෝගින් රැසක්  දැඩි අසිරුතාවයට පත්ව සිටියි.

අකුණු සැර වැදීම හේතුවෙන්  වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරිණ.

Latest News