බල්ලකෙටුවට මිලියන 12ක නේවාසික රෝහලක්

අගෝ 26, 2019

    බණ්ඩාරවෙල,බල්ලකෙටුව මධ්‍යම බෙහෙත් ශාලාව නවීකරණය කරමින් ඉදිකෙරුණු නේවාසික රෝහල ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.

    ඉතා දුෂ්කර ගම්මාන කිහිපයක ජනතාව බොහෝ කලක සිට සිය සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර ගත්තේ, බල්ලකෙටුව මධ්‍යම බෙහෙත් ශාලාවෙන්. එය, නේවාසික රෝහලක් බවට සංවර්ධනය කෙරුණේ, රුපියල් මිලියන 13ක වියදමින්. රෝහලට නව ගිලන් රථයක්, ඇඳන් 12ක් සහිතව අනෙකුත් පහසුකම් ද ලබාදී තිබේ.

    ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 12ක්. ඌව පළාත් සභාව මෙම ප්‍රතිපාදන ලබාදුනි. බල්ලකෙටුව, ඉලුක්පැලැස්ස, දොඩම්ගොල්ල ආදී දුෂ්කර ගම්මාන රැසක් විශාල ජනතාවකට මෙයින් සෙත සැලසෙයි.

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 12:03

    Latest News