හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 225 කට වැඩි තොගයක් ප්‍රවාහන කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4,500 කට අධිකයි.

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී හෙරොයින් 300gක් හා හෙරොයින් අඩංගු තවත් ඇසුරුම් 700ක් සොයා ගැණුනා.

හෙරොයින් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. ඒ, කටුනායක කුරණ ප්‍රදේශයේදී.

මොරගහකන්ද ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක තිබී රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

Latest News