අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම්වල එකඟත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසෙන බවයි දැනුම් දෙන්නේ.
ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව දී තිබේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන්, e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත බවයි දැනුම් දෙන්නේ.