දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් මෙන්න.

මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්ර්රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (20) නියෝග කළා.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විදෙස් ගතවීම වලක්වාලමින් මාතර ‍මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනමක් පනවා තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. ඒ, 2023 වසරේ වැලිගම සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත්යැයි සැලකෙන හෝකන්දර සහ ගිරිඋල්ල නිවෙස් පරීක්ෂා කළද ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනි දින වැලිගම ප්‍රදේශයේ හෝටලයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර ‍එහිදි එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් වෑන් රථයට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබුණා.

එහිදි වෑන් රථයේ සිටි දෙදෙනෙකු වෙඩි වැදි තුවාල ලැබු අතර රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මිය ගියා.

පසුව හෙළිවුයේ  වෑන් රථයේ සිට ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් බවයි. පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ‍මියගිය පුද්ගලයා පොලිස් සැරයන්වරයෙකු බවද හෙළිවුණා.

එම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව ඉකුත් 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

එම තීන්දුවේ දැක්වුණේ ප්‍රශ්න ගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යනුකූල නොවන ලෙස සිදු කර ඇති බවයි.

ඒ අනුව අධිකරණයේ තීරණය වුයේ, මියගිය පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරින් වැලිගම ප්‍රදේශයට යැවිම සම්බන්ධයෙන් හිටපු වැඩබල පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් වග කිවයුතු බවයි.  

ඊට අදාළව එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්කෝන් මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්රකාශයට පත්කරන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
පොලිස් රථවාහන රාජකාරියේ නියුතු නිලධාරියෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

අද (29) දින ශ්‍රී ලංකාවේ 36වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදු වුණා.

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 27 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

Latest News