පොලිස්පතිට එරෙහිව තැබූ පෙත්සම් විභාගය කල් යයි

ජන 31, 2024
    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 27 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
    මෙම පෙත්සම අද එස්. තුරයි රාජා, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 22 වනදාට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළා.

    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 27 වන දා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

    වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් අති උතුම් මෑල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
    Last modified on බදාදා, 31 ජනවාරි 2024 11:16

    Latest News