පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

පෙබ 27, 2024
    පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

    ඒ මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

    මෙහිදී, වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
     
    අනුව අදාළ චක්රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළා.

    Latest News