කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

පසුගිය අප්‍රේල් 14 වන දින සිට සම්පූර්ණයෙන් හුදකලා කරන ලද බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් අද දින සිට යලි විවෘත කෙරිණ.

අද (22) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බේරුවල ධීවර වරාය වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් නිවස තුළ පවත්වාගෙන ගිය බූරු තිප්පොලක් වටලා ඇය ඇතුළු කාන්තාවන් 10ක් හා පිරිමි 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News