ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධ කිසියම් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීමට අවස්ථාව ලබා දී තිබේ.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ ඉදි කළ පාසල ගොඩනැඟිලි 500ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීම ලබන 9 වැනිදා සිදු කිරීමට නියමිතයි.

කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.

ටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) ප්‍රකාශ කළේය.

පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ඇතුලත් කිරීම සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අදාළ ව අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (01) පැමිණියේය.

පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදන බවත් දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

සාමාන්‍ය පෙළ සමත්වුවත්, අසමත් වුවත් කිසිම දරුවෙක් පාසල් පද්ධතියෙන් ඉවත් නොකරණ බව අමාත්‍ය අකිල විරජ් කාරිවසම් මහතා පවසයි.

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ, විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති අකිළ විරාජ් කාරියවසම් පවසයි.

පාසල්වල කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙනගනිමු තේමාවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පාසල් දරුවන්, මව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවේ දැනුම සහ අවධානය ඉලක්ක වු වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Latest News