පාසල් කටයුතුවලට; මුදල් එකතුකිරිම තහනම්

ජන 23, 2019

    පාසල්වල කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

    ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගැන අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාහ කළේ පසුගියදා පැවති මාණ්ඩලික නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී. මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට අනුකූලව සියලු නිලධාරීන් අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව, අමාත්‍යවරයා කියා සිටියා.

    නිදහස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ක්‍රියා කිසිසේත් සිදු නොවිය යුතු බවයි, එහි දී අවධාරණය කළේ. දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වැනි ක්‍රියා පිළිබඳ පැමිණිලි බාර ගැනීමේ නිලධාරිනියක් පත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දිය හැකියි.

     

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 13:09

    Latest News