ඉලන්තඩිය වෙරළ ඛාදනයෙන් සංචාරක කර්මාන්තයට තර්ජනයක් (ඡායාරූප)

දෙසැ 29, 2019

    කල්පිටිය සංචාරක කලාපයට අයත්, ඉලන්තඩිය මුහුදු වෙරළ තීරයේ පිහිටි කස කැළෑවක් වෙරළ ඛාදනය හේතුවෙන් අවදානම් තත්වයක් ඇති බව කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ සභාපති කීර්ති සම්පත් මහතා පවසයි.

    මෙම කැළය දිගින් කිලෝ මීටර දෙකකට ආසන්න පළලින් මීටර 70 කට ආසන්නවේ.

    මේ වන විට එම මුහුදු තීරයේ වෙරළ සංරක්ෂණ කලාපයේ මීටර 50 ක් ද ඉන් ඔබ්බට පිහිටි කස කැළයෙන්ද මීටර 20 ක් පමණ ද මුහුදු බත්ව ඇති අතර, නොනවත්වාම මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවති. වෙරළ ඛාදනය සංචාරක නිකේතන දහයකට පමණ සෘජු බලපෑම් ඇති බව කල්පිටිය සංචාරක සංවර්ධන සංගමය පවසයි.

    seaerrosion px 900 19 12 29

    "මෙම මුහුදු ඛාදනය ඉතාම ප්‍රබලයි. ඉක්මණින් විසඳුමක් ලබා නුදුන්නොත්, සංචාරක කර්මාන්තයට මෙය මරු පහරක්" කීර්ති සම්පත් මහතා පවසයි.

    තවදුරටත් අදහස් දැන්වු කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ සභාපති කීර්ති සම්පත් මහතා......

    " කස කැලෙන් පස්සේ තිබෙන්නේ ඉලන්තඩිය ගමේ සුසාන භූමිය සහ ගම්මානය. මීට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඊළඟ තර්ජනයන් එල්ල වන්නේ, මෙම ගම්මානයට සහ සුසාන භූමියටයි" යැයිද කීය.

    වෙරළ ඛාදනය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත් දැනුම් දී ඇතැ යි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

    seaerrosion2 px 900 19 12 2

    Latest News