නව රජයේ ප්‍රථම විදේශ ආයෝජන ව්‍යාපෘතිය සුදානම්: වටිනාකම $ මිලියන 250ක්

දෙසැ 29, 2019

    නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි.

    කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිල්ලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ. එය ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියකි. මෙ මගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ. මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳ සල් සඳහා ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතී.

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමි විය.

    මෙම ආයෝජනය සඳහා නුදුරේදීම අත්සන් කිරීමත් සමග ව්‍යපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.

    Latest News