ඊශ්‍රායලයේ විරුද්ධ පක්ෂය නව ආණ්ඩුවකට සැරසෙයි

ජූනි 03, 2021

    ඊශ්‍රායලයේ විරුද්ධ පක්ෂ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ අනූව එරට වසර 12ක කාලයක් පැවති අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බලය අහිමිවනු ඇති බවයි.

    විරුද්ධ පක්ෂ පාර්ශව 8ක් නව සන්ධානය සඳහා මේ වන විටත් එකඟතාව පළකර තිබේ. යෙෂ් අටිඩ් පක්ෂ නායක යායිර් ලැපිඩ් හා ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන නැප්තාලි බෙනට් එහි නායකත්වයට තෝරා පත් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වුවද, එරට ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකින් මෙම බල හුවමාරුව සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 11:54

    Latest News