රිදියගම සෆාරී උද්‍යානයේ සත්ව කළාප දෙකක්

පෙබ 19, 2019

    හම්බන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ නව සත්ව කළාප දෙකක් දෙස් විදෙස් සංචාරකයින් සදහා සංචාරක, සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) ආරම්භ කෙරිණි.

    සංචාරකයන් සදහා විවෘත කෙරුණු නව සත්ව කලාප අක්කර 09 කින් සමන්විත වන අතර බෙංගාලි ව්‍යාග්‍ර කළාපය අක්කර 05 හා කුඩා සත්ව රාජධානිය අක්කර 04කින් සමන්විත වේ.

    2008 වසරේ දෙසැම්බර් මස ඉදිකිරීම් ආරම්භ කෙරුණු අක්කර 500කින් සමන්විත රිදියගම සෆාරි උද්‍යානය 2016 මාර්තු 28 වැනිදා ජනතා අයිතියට පත්කෙරුණි. මුළු උද්‍යානය පුරාම ආරක්ෂිත තාප්පයකින් හා විදුලි වැටකින්ද සමන්විත වන අතර පළමු අදියර යටතේ අප්‍රිකානු සිංහ කලාපය, ශ්‍රි ලාංකික අලි කලාපය, ලෝක සත්ව කලාපය හා අනෙකුත් ප්‍රධාන පහසුකම් වන ප්‍රධාන ප්‍රවේශ මාර්ග, ආරක්ෂක තාප්පය හා වැටවල්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය, සත්ව රෝහල, සත්ව නීරෝධායන කූඩු, ජල විදුලි සමන්විත වේ.

    දෙවන අධියර යටතේ බෙංගාලි ව්‍යාග්‍ර කලාපය හා කුඩා සත්ව රාජධානිය සංචාරකයින් සදහා විවෘත කෙරුණි. ඉදිරියේදි ශ්‍රි ලංකා දිවියන් කලාපයක්, ශ්‍රි ලංකා වලසුන් කළාපය, අසියානු ශාක භක්ෂක කලාපය, අප්‍රිකානු ශාක භක්ෂක කළාපය, ඕස්ට්‍රේලියානු ශාක භක්ෂ කළාපය, චීටා කළාපය, උරග උයන, සමනල උයන හා දරුවන් සදහා විනෝද උයන් ද සංචාරකයින් සදහා විවෘත කිරිමට නියමිතයි.

    නව සත්ව කලාප දෙක විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ කඩිනමින් මෙම සෆාරි උද්‍යානයේ ඉතිරි සංවර්ධන කටයුතු නිම කිරිමට අවශ්‍ය පහසුකම් සළසා දෙන බවයි. මේ අතර ඔහු කියා සිටියේ මෙම සෆාරි උද්‍යානය තුළින් ලාංකික සැමට නවමු අත්දැකිමක් ලැබෙන බවත්ය. ඉදිරියේදි මෙම සෆාරි උද්‍යානයට වැඩි සංචාරක ආකර්ෂණයක් ඇති කර ගැනිම වෙනුනේ අවශ්‍ය සියළු පියවර අමාත්‍ය වරයා විදියට ගන්නා ජෝන් අමරතුංග මහතා පැවසීයිය.

    මේ අවස්ථාව සදහා සංචාරක, සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි, ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා දම්මිකා මල්සිංහ, රිදියගම සෆාරි අද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    safaropark px 900 19 02 19

     

     

    Latest News