දෙවියන් වහන්සේ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමටයි...කාදිනල් රංජිත් හිමිපාණෝ

දෙසැ 25, 2019

    දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමටයි. ඒ තුළ අපව ශක්තිමත් කිරීමටයි යැයි අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

    නත්තල උදාවත් සමඟ නත්තල් මධ්‍යම රාත්‍රී ප්‍රධාන දේවමෙහෙය මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ දී පැවැත්විණ. දේව මෙහෙය පැවැත්වුණේ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. 

    දේව මෙහෙය සිදු කරමින් උන්වහන්සේ සියලු ලක් වාසී සියලු ජනතාවට ආශිර්වාද කරමින් දේව මෙහෙය පැවැත්වීය.

    ජීවිතයේ ඉතාමත් වේදනාකාරී අත්දැකීම් ලබාඇති අප දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි ඒ අපේ වේදනාව තුනී කරගැනීමට ඒ ආදරය කෙරෙහි බැදෙමු. දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමටයි. ඒ තුළ අපව ශක්තිමත් කිරීමටයි.අප දෙවියන්වහන්සේ පිළිබඳව ආදරයෙන් පුරවා ගමු.දුක සහ සැප ජීවිතයේ කොටසක් යැයි මැල්කම් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

    Latest News