පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළා.

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට ප්‍රශංසා කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමටයි. ඒ තුළ අපව ශක්තිමත් කිරීමටයි යැයි අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Latest News