පාඨලීගේ රියදුරු 6 දක්වා රිමාන්ඩ්

දෙසැ 24, 2019

    හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

    ඒ නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින ඔහු අද නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සැකකරු මෙතෙක් කල් කිසියම් පිරිසක් විසින් සඟවා ගෙන සිටි බව පෙන්වාදුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් බන්ධනාගාරය තුළදී ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැති සැකකරු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 26 වැනිදා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්ට පහසුකම් ලබා සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 12:07

    Latest News