ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්‍ෂණයක්; අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (වීඩියෝ)

දෙසැ 21, 2019
  • ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවගේ ප්‍රශ්නය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ගැටලුවක් නොවන බව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා කියා සිටියේ, එම සේවිකාව සම්බන්ධයෙන් මෙරට නීතියට අනුව ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කෙරෙන බවයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...

    “ස්විට්සර්ලන්ත විදේශ ඇමතිතුමා මාත් එක්ක පෙරේදා දුරකතනයෙන් කතා කළා. ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනෝන්‍ය විශ්වාසය එලෙසම පවතිනවා. සේවිකාව විසින් කරන ලද පැමිණිල්ලක් හා කරුණු කීමක් මතයි පොලිසිය මෙය විභාගයට අරන් තිබුණේ. අපි කියා තිබෙනවා අධිකරණය ඉදිරියේ තිබෙන කාරණාව, අධිකරණයේදී විසඳා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියෙක් වන නිසා, මේ සේවිකාවට තමන්ගේ නීතිඥවරු හරහා අධිකරණයේ කරුණු කියන්න. වෙන කිසිවක් මතුවෙලා නැහැ. විදේශ තානාපති කාර්යාලයේ මේ දිනවල කටයුතු කරන්න හිටපු තානාපතිවරයෙක් පැමිණ තිබෙනවා“ යැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 22:19

    Latest News