වැඩි වැටුප් ඉල්ලන වතු වෘත්තිය සමිති දෙකඩ විමක් (ඡයාරූප)

දෙසැ 05, 2018

    වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක වෙමින් පවති. 

    කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමය, කදුරට ජනතා පෙරමුණ ඇතුළු වතුකරය නියෝජනය කරන තවත් වෘත්තිය සමිති ගණනාක සමාජිකයන් අද (05) දින සුපුරුදු පරිදි තේ වතු වල දෛනික රාජකාරි කටයුතු සදහා වාර්තා කර තිබේ. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පමණක් දෙවනි දිනටත් වැඩ වර්ජනයේ නිරත වෙයි.

    අද දින සුපුරුදු පරිදි තේ වතු වල සේවයට වාර්තා කර ඇති වතු කම්කරුවන් කියා සිටියේ තමන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි විය යුතු බවයි. වැඩ වර්ජනය කරමින් වතු සමාගම්වලට බලපැම් කිරිමෙන් ලබන මස තම වැටුප නොලැබුණ හොත් තමන් ආර්ථික ගැටළු රැසකට මුහුණ දෙන බව ඔවුන් කියා සිටිති. වෘත්තිය සමිති නායකයින් විසින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙස කල ඉල්ලිමක් මත අද දින තමන් සේවයට වාර්තා කල බව ඔවුන් පවසති.
    තේ වතු වල දෛනික කටයුතු සදහා අද දින වාර්තා කල වතු කම්කරුවන් තේ වත්ත සුද්ද පවිත්‍ර කිරිමේ කටයුතුවලට යෙදවු බවයි වතු අධිකාරිවරුන් කියා සිටියි.

    මේ අතර හැටන් ෂැනන් වතු යායේ සේවයට වාර්තාකර සිටි වතු කම්කරුවන් පිරිසකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් බලපැම් සිදුකර තිබේ. එම වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ වතු අධිකාරිවරයා හමුවේ කියා සිටියේ සුපුරුදු පරිදි වතුවල තමන්ට වැඩ කිරිමට අවස්තාව සලසා දෙන ලෙස ඉල්ලා ඇත.

    වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් තේ සමාගම්වලට තවදුරටත් පාඩු සිදුවන බව වතු අධිකාරිවරුන් කියා සිටිති.
    වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කර දිනකට සියළුම සමග රු 1000 ආසන්න වැටුපක් ලබාදිය හැකි බවට වතු සමාගම් විසින් වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙත කර ඇති යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.

    ESTATE 3 px 900 18 12 05

    ESTATE 2 px 900 18 12 05

     

     

     

     

     

     

     

     

     

     

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 12:43

    Latest News