රක්ෂිතයට රෝහල් අපද්‍රව්‍ය දැමූ ආයතනයට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

දෙසැ 16, 2019

    හම්බන්තොට කැටන්වැව මහවැලි රක්ෂිතයක් තුලට රෝහල් සායනික අපද්‍රවය ගෙනත් නීතිවිරෝධිව වලදමන ලබා අදාළ ආයතනයට එම රෝහල් අපද්‍රවය යළි ගොඩගෙන නිසි පරිදි විනාශකරන ලෙස හම්බන්තොට මහා අධිකරණයෙන් දෙන ලද නියෝගයකට අනුව යළි එම රෝහල් සායනික අපද්‍රවය ගොඩට ගැනීම ආරම්භ කර තිබේ.

    පසුගිය 2019.08.15 වන දින ට ආසන්න දිනයක දී මෙම රෝහල් අපද්‍රවය ගෙනවිත වලදමා ඇති බවට එම ප්‍රද්ශයේ ජනතාව විසින් කරුණු අනාවරනය කිරීමත් සමඟ අපද්‍රවය ගෙනවිත් දමන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරනයට කරුණු වාර්තාකර පරීක්ෂණයක් ආරම්භකරන ලදී.

    එහිදී අදාල ආයතනය සම්බන්ධයෙන් සෙවීම සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් ද පත්ළේය. අදාළ ආයතනය සම්බධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව අදාල ආයතනය වෙත මෙම තීන්දුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබේ.

    යළි ගෙන යන රෝහල් අපද්‍රවය නිසි පරිදි විනාශ කිරීම සදහා sisili Hanaro Encare පුද්ගලික සමාගමක් වෙත බාර දී තිබේ.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 15:20

    Latest News