ස්විස් නිලධාරිනිය මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට

දෙසැ 16, 2019

    පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද උදේ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කෙරිණ.

    ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනූවයි. ඇය අදත් සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය. මේ ඇයගෙන් සාක්ෂි සටහන් කර ගනු ලැබූ පස්වැනි දිනයයි. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අංගොඩ පිහිටි මානසික වෛද්‍ය විද්‍යායතනයට රැගෙන යනු ලැබීය. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, අදාළ කාන්තාව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කොට හෙට දින වාර්තාවක් ලබාදෙන ලෙසයි.

    මේ වන විටත් ගානියා බැරිස්ටර් මහත්මියගේ මානසික තත්වය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි, අප වාර්තාකරු සඳහන් කළේය. ඉන් අනතුරුව, අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවටද රැගෙන යාමට නියමිතයි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 12:50

    Latest News