වතුකම්කරුවන් අඛණ්ඩ වැඩවර්ජනයක

දෙසැ 04, 2018

    වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කිරිමට වතු සමාගම් මෙතෙක් පැවති සාකච්ඡා වලදි එකගතාවය පල කල බව ලංකා කම්කරු කෙන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්. අරුල්සාමි මහතා පවසයි.

    සියළු දිමනා සමග දිනකට රුපියල් 1000 ආසන්න මුදලක් ලබා දිමට වතු සමාගම් එකගව ඇත්ත් වතුකම්කරුවන් විසින් දිනකට රුපියල් 1000 මුලික වැටුපක් ඉල්ලා සිටිති. වතු කම්කරුවන් අද ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙතුවෙන් තේ කර්මාන්ත ශාලා සහ ඇතැම් වතු කාර්යයාල සම්පුර්ණයෙන් වසා දැමීමට වතු කම්කරුවන් කටයුතු කර තිබේ.

    ඊයේ (03) දින වතු කම්කරුවන් විසින් නෙළු තේ දළු තේ කර්මාන්ත ශාලාවේ තේ නිෂ්පාදන කටයුතු සදහා පදම් කරමින් සිටියදී එක වරම අද උදැසන සිට සේවා ස්ථානවලින් බැහැරවි ඇත. තේ දළු තේ නිෂ්පාදනය කිරිමට නොහැකි විමෙන් වතු සමාගම්වලට විශාල පාඩුවක් සිදු වන බව වතු අධිකාරිවරුන් කියා සිටිති.

    Latest News