සා/පෙළ අදින් අවසන්

දෙසැ 12, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අද(12) වෙයි

    විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙනු ලබයි. විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂක විදිවිධාන ද යොදවා ඇති බව විභාග කොමසාරිස් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියි විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ පොදු දේපොළවලට අලාභහානි සිදු කිරීම සම්පුර්ණයෙන් තහනම් වන බව ද විභාග කොමසාරිස් මහතා දන්වයි. යම් සිසුවෙක් කළහකාරී ලෙස හැසිරුණහොත් විභාග ප්‍රතිඵල අහෝසි කරන බව ද සදහන් වෙයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 18:00

    Latest News